සඳ එලිය වගේ මුදු සිනහ සැලූ
මද පවන වගේ සිත සිසිල කෙරූ
බිඟු ගීත වගේ පේම් වදන් කියු
ආදරය කොහිද ඔබ එද කියු
ගිනි පුලිඟු වගේ රුදු බැලුම් හෙලා
සුලි සුලඟ වගේ සිත සසල කලා
මහ අකුණු වගේ නෙක බැනුම් දොඩා
ආදරය කොහිද ඔබ කියූ එදා
මහ වැස්සේ නිල් කුඩේ යට හිඳ
ඔබේ උණුසුමට මාව තුරුලු කර
වැහි බිඳු පිසලා හිස පිරිමදිමින්
කියා දුන්න සෙනෙහේ
දෙව් ලොවක මිහිර මැවුනේ
නිල ගගන තරම් සාගරය තරම්
මා ඔබට පිදුව සෙනෙහේ
කෙලෙසද මේ හැටි මා රිදවන්නේ
කියා යන්න මිහිරේ
දුක නැතිද ඔබට දැනුනේ...
අදත් උදේම ලස්සන කවි ටිකක් කියෙව්වා. නියමයි, සීතල උදේම උනු උනු කෝපි එකක් බිව්වා වාගේ.
ReplyDeleteකියන්න දෙයක් නෑ ඇත්තෙන්ම ලස්සනයි ..ඔය ලස්සන කවි ගෙතීමේ හැකියාව හැමෝටම ලැබෙන්නේ නෑ ..
ReplyDeleteජයවේවා !!
ලියන්න විරහ ගීයක්!
ReplyDelete